top of page
  • Instagram
  • Twitter
  • Facebook

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ දත්ත ආරක්ෂාව සඳහා වන ගිවිසුම

ශ්‍රී ලංකා නීතිය යටතේ නියමාකාරයෙන් සංස්ථාපිත කළ භාරයක් වන NCEASL වන අපි, ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සහ ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රජාවන් අතරේ සහජිවනයේ ක්‍රමික වෘද්ධිය සහ ඒ සඳහා වන සමාජ ගරුත්වය සම්බන්ධයෙන් පවතින ඓතිහාසික දැනුවත්භාවය පෝෂණය කිරීමත්, ඕනෑම ආගමක් හා විශ්වාසයකට අදාළව ශ්‍රී ලාංකික ඉතිහාසයේ වන වැදගත් සිදුවීම් අවධාරණය කිරීමත් (මෙතැන් පටන් ඇතැම්විටක පොදුවේ 'සේවාවන්' යනුවෙන් හඳුන්වනු ලැබේ) අරමුණු කරගෙන දියත්කළ වෙබ් අඩවියක් වන ත්‍රෛභාෂික අථත්‍ය කෞතුකාගාරය - Trilingual Virtual Museum  (පොදුවේ මෙතැන් පටන් අථත්‍ය කෞතුකාගාරය යනුවෙන් හඳුන්වනු ලැබේ) නිර්මාණය කළ හිමිකරුවන් වන්නෙමු.

 

අපගේ වෙබ් අඩවියට පැමිණෙන්නන්ගේ සහ එය පරිහරණය කරන්නන්ගේ පෞද්ගලිකත්වයෙහි වැදගත්කම පිළිගැනීමට ලක් කරමින්, අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ සහ අපගේ සේවාවන් පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එකතු කෙරෙන්නට ඉඩ ඇති පෞද්ගලික තොරතුරු ද ඇතුළුව තොරතුරු ඒකරාශී කිරීම, භාවිතා කිරීම, පිරිසැකසුම, ගබඩා කිරීම, සහ හෙළිදරවු කිරීම අප විසින් සිදුකරන ආකාරය වෙබ් අඩවිය පරිහරණය කරන්නන් වෙත දැනුම්දීම සඳහා අප විසින් මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිය සම්මත කරගෙන තිබේ.

 

අපගේ සේවාවන් පරිහරණය කිරීමෙන් ඔබ (පරිශීලකයා) අපගේ නියමයන් සහ සේවාවන්ට එකඟ වන බවත්, මෙම පෞද්ගලිකත්ව හා දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිය කියවා අවබෝධ කරගත් බවත් තහවුරු කළයුතු වේ.

 

මෙහි විස්තර කර ඇති පරිදි හැර, අපි ඔබගේ පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු බෙදා නොගන්නෙමු.

1. අප එකතු කරන තොරතුරු වර්ග

2. අප ඔබේ තොරතුරු රැස් කරන ආකාරය

3. අප ඔබේ තොරතුරු භාවිතා කරන්නේ කෙසේද සහ ඇයිද යනවග

4. වෙනත් සමාගම්/සංවිධාන සමග ඔබගේ තොරතුරු බෙදාගැනීම

5. පරිශීලක පාලනය, අයිතිවාසිකම් සහ තේරීම්

6. ආරක්ෂාව සහ පිරිසැකසුම සඳහා නීත්‍යානුකූල පදනම

7. මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට සිදුකෙරෙන වෙනස්කම්

8. අදහස් සහ ප්‍රශ්න

1.  එකතු කරන තොරතුරු වර්ග

අපගේ පරිශීලකයින්ගෙන් අප විසින් රැස් කිරීමට ඉඩ ඇති පුද්ගලික සහ අනෙකුත් සම්බන්ධිත දත්ත සියල්ල පහත දක්වා ඇත.
 

  • අනන්‍යතා දත්ත - පුද්ගලයාගේ මුල් නම, වාසගම සහ අවසාන නම, පරිශීලක නාමය හෝ ඒ හා සමාන හැඳුනුම්කාරකය, පදවි නාමය සහ රූප දත්ත.

  • සම්බන්ධතා දත්ත - ස්ථිර ලිපිනය, ලිපි එවියයුතු ලිපිනය, ඊමේල් ලිපිනය, දුරකථන අංකය.

  • අලෙවිකරණ සහ සන්නිවේදන දත්ත - පණිවිඩ යැවීම, චැට්, තැපැල් හෝ ඒ හා සමාන ක්‍රම හරහා අපෙන් සහ අනුබද්ධිත තෙවන පාර්ශවයන් සහ වෙනත් සන්නිවේදනයන් වෙතින් අලෙවිකරණය ලබා ගැනීමට පරිශීලකයන් දක්වන කැමැත්ත.

  • චර්යාත්මක දත්ත - මාර්ගගත ක්‍රියාකාරකම් මත පදනම්ව පරිශීලකයින්ගේ හැසිරීම් සහ රුචිකත්වයන්ට අදාළව අනුමාන කෙරෙන හෝ උපකල්පනය කෙරෙන තොරතුරු. මේවා එකතු කර කොටස් වලට වර්ග කර කෙරේ.

  • තාක්ෂණික දත්ත - භාවිත කරන්නන් මෙම වෙබ් අඩවියට ප්‍රවේශවීමට හෝ අපගේ සේවාවන් පරිහරණය කිරීමට යොදාගන්නා උපකරණවල අන්තර්ජාල ප්‍රොටෝකෝල (IP) ලිපිනය, පිවිසුම් දත්ත, බ්‍රවුසරයේ වර්ගය සහ අනුවාදය, කාල කලාප සැකැසුම සහ ස්ථානය, බ්‍රවුසරයේ ප්ලග්-ඉන් වර්ග සහ අනුවාද, මෙහෙයුම් පද්ධතිය සහ වේදිකාව සහ අනෙකුත් තාක්‍ෂණය

  • සමූහගත දත්ත- ඕනෑම අරමුණක් සඳහා සංඛ්‍යානමය හෝ ජන විකාශන දත්ත වැනි “සමූහගත දත්ත” රැස් කිරීමට, භාවිත කිරීමට සහ බෙදා ගැනීමට ද අප විසින් කටයුතු කිරීමට ඉඩ තිබේ. සමූහගත දත්ත පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත වලින් ව්‍යුත්පන්න විය හැක, නමුත් මෙම දත්ත එකතුකර සමුගත කිරීමෙන් පසුව ඒවායින් සෘජුව හෝ වක්‍රව පරිශීලකයාගේ අනන්‍යතාවය හෙළි නොකරන බැවින් මෙම ප්‍රතිපත්තියේ කාර්යයන් සඳහා ඒවා පෞද්ගලික දත්ත වශයෙන් සලකනු නොලැබේ. කෙසේනමුත්, සමූහගත දත්ත සෘජුව හෝ වක්‍රව පරිශීලකයා හඳුනා ගැනීමට හැකි වන පරිදි පරිශීලක පුද්ගලික දත්ත සමඟ ඒකාබද්ධ වූ විට හෝ සම්බන්ධ වූ විට, අපි එම ඒකාබද්ධ දත්ත, මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට අනුකූලව භාවිත කරන පුද්ගලික දත්ත ලෙස සලකමු.

 

NCEASL දැනුවත්ව හෝ සිතාමතා පරිශීලකයින් සම්බන්ධයෙන් කිසිම 'විශේෂ කාණ්ඩයක පෞද්ගලික දත්ත' ඒකරාශී කරන්නේ නැත (පරිශීලකයින්ගේ ජාතිය හෝ ජනවර්ගය, ආගමික හෝ දර්ශනාත්මක විශ්වාස, ලිංගික ජීවිතය, ලිංගික දිශානතිය, දේශපාලන මතවාද, වෘත්තීය සමිති සාමාජිකත්වය, පරිශීලකයින්ගේ සෞඛ්‍ය හා ජානමය තොරතුරු හා ජීවමිතික දත්ත මීට ඇතුළත් වේ).

 

කෙසේනමුත්, එවැනි දත්ත අපගේ සේවාවන්ගේ ඇති ප්‍රසිද්ධ සංවාද මණ්ඩපවල ඔබ විසින් පල කරනු ලැබුවහොත්, ඉහත සඳහන් කළ පරිදි ඒවා අන්‍යයින්ට දැකගත හැකි බවත්, මෙම කෘත්‍යයන් හරහා ඔබ විසින් අනෙකුත් පරිශීලකයින්ට හෝ මහජනයාට ලබාගතහැකි පරිද්දෙන් තැබූ එවන් තොරතුරු රැකීමට අපට වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න.

 

තවද, ඔබේ (හෝ අන්‍යයින්ගේ) පින්තූර අපගේ සේවාවට උඩුගත කරන්නට ඔබ විසින් තීරණය කළහොත් එවන් පින්තූරවල ඇතුළත්වන අය සම්බන්ධයෙන් යම් යම් ලක්ෂණ ස්වභාවිකවම යෝජනා කෙරෙන, ගම්‍යවන හෝ හෙළිදරවු කෙරෙන යම් යම් අංග හෝ රූප එවන් පින්තූරවල තිබිය හැක.

 

අපගේ වෙබ් අඩවිවලින් හෝ යෙදුම්වලින් එවැනි පෞද්ගලික තොරතුරක් ඉවත් කරවාගැනීම සඳහා ඉල්ලාසිටීමට කරුණාකර ……………………... හරහා පාරිභෝගික සහාය සමගින් සම්බන්ධ වන්න.

 

මීට අමතරව, අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු කිහිපයක් තිබේ:

 

අපගේ සේවාවන් භාවිතා කරන අතරතුර මහජනතාවට හෝ වෙනත් විවිධ තෙවන පාර්ශවයන්ට ලබා ලබාගත හැකි පරිදි ඔබ විසින් තබන ලද ඔබේ දත්ත අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් NCEASL කිසිදු වගකීමක් භාර නොගනී;

 

බුද්ධිමය දේපල හිමිකම් නිවේදන: ඔබ බුද්ධිමය දේපල හිමිකම් පෑමක් ගැන අපට දන්වන්නේ නම්, ඔබේ හිමිකම් පෑමේ නිවේදනයෙහි තොරතුරු, අපගේ අභිමතය පරිදි සහ නීතියෙන් නියම කර ඇති ආකාරයට, එම මතභේදයේ වෙනත් පාර්ශව හෝ තෙවන පාර්ශව සමඟ බෙදා ගැනීමට ඉඩ තිබේ;

 

පෙර පරිශීලකයින්: ඔබ අපගේ සේවාව භාවිතා කිරීම නවත්වන්නේ නම්, ඔබ අපගේ වෙබ් අඩවියට හෝ යෙදුම්වලට පිවිසීමට තෝරා ගතහොත් භාවිතා කිරීම සඳහා සහ එවැනි වෙනත් ආරක්ෂණ පියවර සඳහා භාවිතා කිරීමේ සීමිත අරමුණ සඳහා ඔබගේ දත්ත අපගේ දත්ත ගබඩාවේ පවත්වාගෙන යාමට අප විසින් කටයුතු කිරීමට ඉඩ තිබේ.

2.  අප ඔබේ තොරතුරු රැස් කරන ආකාරය

ඔබ අපගේ වෙබ් අඩවියට හෝ යෙදුම් වෙත පැමිණෙන විට, ඔබ අපගේ සේවාවන් භාවිතා කරන විට, ඔබ විසින් ප්‍රසිද්ධ සංවාද මණ්ඩප හෝ චැට් තුළ යමක් පල කරන විට, සහය ලබාගැනීම සම්බන්ධයෙන් විමසුම් කරන විට, බුද්ධිමය දේපළ සඳහා හිමිකම් පෑම් කරන විට, හෝ වෙනත් හිමිකම්පෑම්, පැමිණිලි හෝ විමසුම් කරන විට, තරඟ හෝ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා සහභාගි වනවිට, හෝ ගිවිසුම් සම්බන්ධ හෝ නීතිමය හේතු මත අප ඔබෙන් තොරතුරු ඉල්ලා සිටින විට අප ඉහත 1 කොටසේ සඳහන් කර ඇති වර්ගවල තොරතුරු ඒකරාශි කරන්නෙමු.

ඔබ අපගේ සේවාවන් භාවිතා කිරීමේදී අප මින් ඇතැම් තොරතුරු ස්වයංක්‍රියව වාර්තා කරගැනීමට ද ඉඩ තිබේ.

 

ඔබ විසින් අපගේ වෙබ් අඩවි හා යෙදුම් වෙත ප්‍රවේශ වීම හෝ අපගේ යෙදුම් තෙවන පාර්ශව වෙබ් අඩවි හෝ වේදිකා මත පරිහරණය කිරීම ඇතුළු අවස්ථාවන්හිදී කුකීස් සහ  (වෙබ් බීකන් සහ පික්සල් ටැග් වැනි) අනෙකුත් තාක්ෂණයන් හරහා ද අප විසින් තොරතුරු එකතු කරනු ලැබේ.

 

විවිධ තෙවන පාර්ශව විසින් මෙහෙයවන ප්‍රචාරක සහ/හෝ අනෙකුත් අනුබද්ධිත ජාලවලට අපි සහභාගි වන්නෙමු. එවන් තෙවන පාර්ශව අන්තර්ජාල පරිශීලක පිරිස් අපගේ සේවාව වෙත යොමු කිරීමෙහි කෘත්‍යයක් වශයෙන්, අපගේ සේවාව වෙත ඔබේ පැමිණීම සම්බන්ධයෙන් යම් යම් නිර්නාමික තොරතුරු එකතු කිරීමටත් භාවිතා කිරීමටත් කටයුතු කිරීමට ඉඩ තිබේ. කෙසේනමුත්, එවන් තෙවන පාර්ශවයන්ට ඔබ පිළිබඳව පෞද්ගලික දත්ත හෙළිදරවු නොකරන නමුත්, මේ සමාගම් ඔබේ IP ලිපිනය එකතු කරගැනීමට ඉඩ තිබේ. මෙම සමාගම්, අපේ සේවාව වෙත ඔබේ පැමිණීම සම්බන්ධයෙන් නිර්නාමික තොරතුරු වාර්තා කරගැනීම සඳහා කුකීස්, වෙන් බීකන්, පික්සල් සහ අනෙකුත් තාක්ෂණයන් ස්ථාපිත කිරීමට සහ භාවිතා කිරීමට ඉඩ ඇති අතර, එම දත්ත වෙනයම් ආකාරවලින් සමූහනය කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ නිර්නාමිකරණය කිරීමට ඉඩ තිබේ.

 

තෙවන පාර්ශවයක වෙබ් අඩවියකදී හෝ වේදිකාවකදී (උදාහරණ වශයෙන් අපගේ යෙදුම් හරහා) ඔබ විසින් අප වෙත තොරතුරු ලබාදීමේදී, ඔබ එසේ ලබාදෙන තොරතුරු එම තෙවන පාර්ශව වෙබ් අඩවිය හෝ වේදිකාව විසින් වෙනම එකතු කරගැනීමට ඉඩ ඇති බව කරුණාකර මතක තබාගන්න. මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියෙන් ආරක්ෂා කෙරෙන්නේ අප විසින් එකතු කරගත් තොරතුරු වන අතර එවන් තෙවන පාර්ශව වෙබ් අඩවියක් හෝ වේදිකාවක් එකතුකරගත් තොරතුරු ආවරණය වන්නේ එම වෙබ් අඩවියේ හෝ වේදිකාවේ පෞද්ගලිකත්ව පරිච මගින් වේ. තෙවන පාර්ශව වෙබ් අඩවියක් හෝ වේදිකාවක් මත පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ඔබ කරන තේරීම් අප විසින් අපගේ යෙදුම් හරහා සෘජුවම එකතු කරගත් තොරතුරු භාවිතයට අදාළ නොවේ.

3.  අප ඔබේ තොරතුරු භාවිතා කරන්නේ කෙසේද සහ ඇයිද යනවග

ඔබේ තොරතුරු සම්බන්ධයෙන් දත්ත පාලක වන්නේ අපයි. (දත්ත පාලක) වශයෙන් අපි පහත කාර්යයන් සඳහා ඔබේ තොරතුරු භාවිතා කරන්නෙමු:

  • ඔබ ඉල්ලා සිටින නිෂ්පාදන සහ සේවා ඔබ වෙත ලබාදීමට, ගෙවීම් සිදුකිරීමට ඇත්නම් ඒවා පිරිසැකසීම සඳහා, ඔබේ ගනුදෙනු පිළිබඳව ඔබට ඊමේල් සහ අනෙකුත් සන්නිවේදන එවීමට හා සේවා සම්බන්ධ නිවේදන එවීමට, ඔබේ අභිරුචිය අනුව ඔබ වෙනුවෙන්ම හැඩ ගැස්වූ සේවාවන් ලබාදීමට.

  • අප සමගින් ඔබ කළ ගනුදෙනු සම්බන්ධයෙන් සන්නිවේදනය කිරීමට සහ අපගේ වෙබ් අඩවි හා යෙදුම්වල ඇති විවිධ අංග සම්බන්ධයෙන් හෝ අපගේ ප්‍රතිපත්තිවලට සිදු කළ වෙනස්කම් සම්බන්ධයෙන් ඔබ වෙත තොරතුරු එවීමට.

  • අපගේ නිෂ්පාදන සහ සේවා සම්බන්ධයෙන් ඔබ වෙත තොරතුරු එවීමට

  • අපගේ වෙබ් අඩවි සහ යෙදුම් තුළ ඔබටම සුවිශේෂී ලෙස හැඩගැස්වූ අන්තර්ගතය සහ අත්දැකීම් ඔබ වෙත ලබාදීමට

  • අපේ වෙබ් අඩවි සහ යෙදුම්වල ද, දෙවන පාර්ශව වෙබ් අඩවි සහ යෙදුම්වල ද ඔබේ ක්‍රියාකාරකම් මත පදනම් වෙමින් ඔබට ප්‍රචාරක දැන්වීම් ලබාදීමට

  • සමීක්ෂණ, තරඟ හෝ ප්‍රවර්ධන සිදුකිරීමට

  • අපගේ නිෂ්පාදන, සේවා හා මෙහෙයුම් වඩාත් උසස් මට්ටමකට ගෙන ඒමට

  • නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ලැබෙන ඉල්ලීම් ඇතුළුව, අපගේ ප්‍රතිපත්ති (අපගේ සේවා නියමයන් ද ඇතුළු) උල්ලංඝනය කිරීමට ඉඩ ඇති, හෝ නීති විරෝධී විය හැකි ක්‍රියාකාරකම් හඳුනාගැනීමට, විමර්ශනය කිරීමට සහ වැලැක්වීමට

  • අපගේ සේවාවන්හි සුරක්ෂිතබ්ව සහ ආරක්ෂාව ප්‍රවර්ධනය  කිරීම සඳහා අපගේ සේවාවන් තුළ සිදුකෙරෙන ක්‍රියාකාරකම් විපරම් කිරීමට

  • අපගේ සේවාවන් සංවර්ධනය කිරීමට, ඇගැයුම් කිරීමට සහ වැඩිදියුණු කිරීමට

  • ඔබ විසින් ඉදිරිපත්කරන විමසුම් හෝ සැලකිල්ල යොමුකරන කරුණු සඳහා ප්‍රතිචාර දැක්වීමට

 

අපි ඔබේ දත්ත සත්‍යාපනය කිරීමට, ඔබට නිවැරදි තොරතුරු පෙන්වීමට, ඔබේ අත්දැකීම් ඔබටම සුවිශේෂී අන්දමට හැඩගැස්වීමට (සන්නිවේදන මනාප, විශේෂාංග සහ අභිරුචි අන්තර්ගතය ඇතුළුව), අපගේ ආරක්‍ෂක විශේෂාංග සක්‍රීය කිරීමට සහ සහාය වීමට, ද්වේෂසහගත ක්‍රියාකාරකම් හඳුනා ගැනීමට, අලෙවිකරණ ව්‍යාපාර පැවැත්වීමට සහ ඒවායේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට සහ අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට අපි කුකීස් භාවිතා කරන්නෙමු.

 

මෙහි සඳහන් කර ඇති සහ අපගේ සේවා නියමයන්හි දක්වා ඇති යම් යම් සීමිත වාතාවරණ යටතේ හැරුණු විට, ඔබ විසින් අපවෙත ලබාදුන් පෞද්ගලික තොරතුරු හෝ ගිණුම්-සම්බන්ධ වෙනත් තොරතුරු ඔබේ අවසරයකින් තොරව තෙවන පාර්ශව වෙත හෙලිදරවු කිරීමට අප විසින් කටයුතු නොකරන්නෙමු.

 

කෙසේනමුත්, පහත දැක්වෙන වාතාවරණ යටතේ NCEASL විසින් ඔබේ පෞද්ගලික තොරතුරු හෝ ගිණුම්-සම්බන්ධ වෙනත් තොරතුරු හෙළිදරවු කිරීමට ඉඩ ඇති බව ඔබ විසින් වටහාගත යුතු වේ:

  • අදාළවන නීතිය යටතේ, හෝ අපවෙත ඉදිරිපත් කෙරෙන නීතිමය ක්‍රියාපටිපාටියකට අනුකූලවීම සඳහා එසේ හෙළිදරවු කිරීම අවශ්‍ය වන බවක් අප සද්භාවයෙන් විශ්වාස කරන්නේ නම්;

  • අපගේ අයිතිවාසිකම් හා ලැදියාවන්, නිෂ්පාදන හා සේවාවන්, සහ/හෝ එම නිෂ්පාදන හා සේවාවන් භාවිතා කරන අනෙකුත් පරිශීලකයින් රැකගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා;

  • නීති විරෝධී බවට හෝ වැරදි ක්‍රියාකාරකමක් බවට සැකකරන යමක් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත වාර්තා කිරීමට හෝ එවැන්නක් සම්බන්ධයෙන් ඔවුන් කරන විමර්ශනයකට සහය ලබාදීමට, හෝ පුද්ගලයකු අන්තරායකට ලක්වී සිටින බවක් අප විශ්වාස කරනවිට එය වාර්තා කිරීම සඳහා;

  • යම් යම් අංග හෝ මෙහෙයුම් (වංචා වැලැක්වීමේ අංග, එකතු, ලියාපදිංචිය, සේවාදායක සහය, ඊමේල් යැවීම, වයස තහවුරු කරගැනීම වැනි දෑ) සඳහා, ඔබේ සේවා ඉල්ලුම් සපුරාලීමට, නව අන්තර්ගතය ඉදිරිපත් කිරීමට හෝ අපගේ නිෂ්පාදන සහ/හෝ සේවා වැඩිදියුණු කිරීමට අපට සහයවීමට සහය දෙන්නට අප විසින් කොන්ත්‍රාත් අත්සන් තබා ඇති සේවා සපයන්නන් වෙත. මෙම තෙවන පාර්ශව සමගින් අප අත්සන් තබා ඇති ගිවිසුම් හේතුවෙන් ඔවුන් අපට ලබාදෙන නිෂ්පාදනය හෝ සේවාවට අදාළ කටයුතුවලට හැර වෙනත් කිසිවක් සඳහා ඔබේ පුද්ගලික තොරතුරු භාවිතා කිරීමට ඔවුන්ට තහනම් ය;

  • (අ) ඔබ ඉල්ලා සිටි සේවාවන් ඔබ වෙත ලබාදීම සඳහා, (ආ) අපගේ නිෂ්පාදන හෝ සේවාවන් සම්බන්ධයෙන් (උදා: සිදුවීම්, හෝ අංග සම්බන්ධයෙන්)  ඔබට තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා, හෝ (ඇ) ඔබේ තොරතුරු යවන මෙන් ඔබ විසින් ප්‍රකාශිතවම අපෙගෙන් ඉල්ලා සිටින (හෝ යම්කිසි සේවාවක් භාවිතා කිරීමේදී ඔබට වෙනයම් ආකාරයකින් ප්‍රකාශිතව ඒ බව දැනුම් දී ඒ සඳහා ඔබ විසින් අවසර දුන්) වෙනත් තෙවන පාර්ශව වෙත. අප යම් ව්‍යාපාරයක් සමගින් ඒකාබද්ධ වීමට සැලසුම් කළහොත් හෝ ව්‍යාපාර අස්ථිත්වයක් විසින් අප අත්කරගනු ලැබුවහොත් එකී අනෙකුත් ව්‍යාපාර අස්ථිත්වයට.

4.  වෙනත් සමාගම්/සංවිධාන සමග ඔබගේ තොරතුරු බෙදාගැනීම

පහත දැක්වෙන ඒවා ද ඇතුළුව සීමිත වාතාවරණ යටතේ හැරුණු විට, අපි ඔබේ පෞද්ගලික තොරතුරු NCEASL සංවිධානයෙන් පිටත පාර්ශව සමගින් බෙදාහදා නොගන්නෙමු.:

  • පහත දැක්වෙන අවස්ථා වැනි අවස්ථාවල, ඔබේ පෞද්ගලික තොරතුරු වෙනත් පුද්ලගයකු, සංවිධානයක් හෝ ආයතනයක් සමගින් බෙදාහදාගැනීමට ඔබ ප්‍රකාශිතවම අපට අවසර දී ඇති විට:

    • සමාජ ජාලකරණ වෙබ් අඩවි වැනි තෙවන පාර්ශව වෙබ් අඩවි හෝ වේදිකා සමගින් ඔබේ පෞද්ගලික තොරතුරු බෙදාහදාගැනීමට අපට උපදෙස් දී ඇති විට

    • අප වෙනත් සමාගම්/සංවිධාන සමගින් ඔබේ පෞද්ගලික තොරතුරු බෙදාහදාගත් පසුව එම තොරතුරු, ඒවා ලබාගත් සමාගම්/සංවිධානවල පෞද්ගලිකත්ව පරිචයන්ට යටත් වන බව කරුණාවෙන් සලකන්න.  

 

වෙනත් සංවිධාන අප වෙනුවෙන් සේවා ලබාදෙන විට. නමුත්, ඔබේ පෞද්ගලික තොරතුරු අප විසින් ඉල්ලා සිටි කටයුතු හෝ නීතියෙන් නියම කළ කටයුතුවලට හැර වෙනත් කිසිවක් සඳහා යොදාගැනීම ඔවුන්ට තහනම් කර තිබේ;

 

සේවා, වත්කම් සහ/හෝ ව්‍යාපාර හා සම්බන්ධ කරුණකදී හෝ අපගේ සේවාවල හිමිකාරත්වය හෝ පාලනය මුළුමනින්ම හෝ කොටසක් මාරුවන විට එකී තෙවන පාර්ශව සමගින් පෞද්ගලික තොරතුරු බෙදාහදාගැනීම, ඔවුන් වෙත පැවරීම හෝ වෙනයම් ආකාරයකින් මාරුකිරීම;

අපගේ සේවා නියමයන් හෝ නීති රීති බලාත්මක කිරීමට, අපගේ පරිශීලකයින්ගේ සහ තෙවන පාර්ශවයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබව සහතික කිරීම සඳහා, නීතිය බලාත්මක කිරීමට හෝ වෙනත් නීතිමය ක්‍රියාවලියකට අනුකූලවීමට හෝ හෙළිදරව් කිරීම නීතියෙන් නියම කර ඇතැයි අප සද්භාවයෙන් විශ්වාස කරන්නේ නම්, තෙවන පාර්ශවයන් සමඟ පුද්ගලික තොරතුරු බෙදා ගන්නා විට.

5.  ඔබේ පාලනය, අයිතිවාසිකම් සහ තේරීම්

5.1. දත්ත රඳවාගැනීම

ඔබට සේවාවන් සැපයීම සඳහා අවශ්‍යවන පෞද්ගලික තොරතුරු අපි රඳවා ගන්නෙමු. එසේම, මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ විස්තර කර ඇති කාර්යයන් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය තරම් කාලයක් අපි ඔබේ පෞද්ගලික තොරතුරු රඳවා ගන්නෙමු.

නීතියෙන් නියම කර ඇත්තේ නම් හෝ එම තොරතුරු නීතිමය ඉල්ලීමකට හෝ රජයේ විමර්ශනයකට විෂයය වන්නේ නම්, අදාළ නීති, රෙගුලාසි හෝ එවැනි නීතිමය ක්‍රියාවලිය හෝ විමර්ශනයට අනුකූල වීමට අපට නියම වී ඇති තාක් කල් අපි යම් යම් තොරතුරු සහ පුද්ගලික තොරතුරු රඳවා තබා ගන්නෙමු. අපගේ සහ අනෙකුත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ආරවුල් විසඳීමට හෝ අපගේ නීතිමය නියමයන් හෝ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට, අදාළ නීතිය යටතේ අවසර දී ඇති ප්‍රමාණයට අපි පුද්ගලික තොරතුරු ද රඳවා ගනිමු.

 

5.2.  ඔබේ පෞද්ගලික තොරතුරු සඳහා ප්‍රවේශවීමට සහ පාලනය කිරීමට අයිතිය

 

අප විසින් ඔබේ තොරතුරු එකතුකිරීම, පරිහරණය, පිරිසැකසුම, ගබඩා කිරීම සහ බෙදාහදාගැනීම සම්බන්ධයෙන් යම් යම් පාලන, අයිතිවාසිකම් සහ තේරීම් සඳහා ඔබට හැකියාව ලබාදී තිබේ. ඊට පහත ක්‍රියා ඇතුළත් වේ:

  • නිවැරදි කිරීම සහ යාවත්කාලීන කිරීම: යම් යම් අවස්ථාවලදී, විශේෂයෙන්ම එම දත්ත නිවැරදි නොවන්නේ නම්, ඔබේ දත්ත වෙනස්කරන මෙන් හෝ යාවත්කාලීන කරන මෙන් අපෙන් ඉල්ලා සිටීමට ඔබට හැකිය.

  • මකාදැමීම: ඔබේ පෞද්ගලික තොරතුරු සියල්ලම හෝ කොටසක් මකා දමන මෙන් ඔබට ඉල්ලා සිටිය හැකිය (උදා: තවදුරටත් ඔබට සේවා සැපයීම අවශ්‍ය නොවන විට)

  • පෞද්ගලික දත්ත භාවිතා කිරීමට විරුද්ධ වීම, සීමා කිරීම හෝ අවහිර කිරීම: ඔබේ පෞද්ගලික දත්ත සියල්ලම හෝ ඉන් කොටසක් භාවිතා කිරීම නවත්වන මෙන් ඉල්ලා සිටීමට ඔබට හැකිය;

  • ග්‍රාහකත්වය, පුවත්ලිපි සහ දැන්වීමේ සංඥා යනාදිය සම්බන්ධයෙන් ඔබ කළ තේරීම් වෙනස් කිරීමට ඔබට හැකිය;  

  • අපගේ නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් හෝ, ඔබ උනන්දුවක් දක්වනු ඇතැයි අප සිතන නිෂ්පාදන සහ සේවා සම්බන්ධයෙන් විශේෂ වාසි හා ප්‍රවර්ධන, හෝ වෙනත් අළෙවිකරණ තොරතුරු ලැබීමට අවශ්‍යදැයි  ඔබට තෝරාගත හැකි අතර, මේ කාර්යය සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් ඕනෑම වේලාවක විරෝධය පල කිරීම සඳහා ඔබට අයිතියක් ඇත;

  • අනෙක් සංවිධානවලට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා සම්බන්ධයෙන් ඇති විශේෂ වාසි හෝ ප්‍රවර්ධන තොරතුරු ඔබ වෙත එවන්නට හැකිවන පරිදි ඔබේ පෞද්ගලික තොරතුරු ඔවුන් සමගින් බෙදාහදාගැනීම අවශ්‍ය දැයි ඔබට තෝරාගත හැකිය;

  • ඉහත 2 කොටසේ දක්වා ඇති උපදෙස් අනුව යමින්, විවිධ ප්‍රචාරක දැන්වීම් ජාලවලින්, දත්ත හුවමාරුවලින්, අළෙවිකරන විශ්ලේෂණවලින් සහ අනෙකුත් සේවා සපයන්නන්ගෙන් ඉලක්කගත ප්‍රචාරක දැන්වීම් ලැබීමට අවශ්‍යදැයි ඔබට තෝරාගත හැකිය

  • ඔබේ දත්ත වෙත ප්‍රවේශවීමට සහ/හෝ ඔබේ දත්ත ලබාගැනීමට ඇති අයිතිය: ඔබ සම්බන්ධයෙන් අප තබාගත් පෞද්ගලික තොරතුරු කරා ප්‍රවේශවීමට ඉල්ලා සිටීමට හෝ යන්ත්‍ර මාර්ගයෙන් කියවිය හැකි ආකාරයෙන් ඔබේ පෞද්ගලික තොරතුරුවල පිටපතක් ඉල්ලා සිටීමට ඔබට හැකිය.  

අප ඔබට එවන සන්නිවේදනවල ග්‍රාහකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති උපදෙස් පිළිපැදීමෙන්, හෝ ඔබේ ඉල්ලීම/ඉල්ලීම් හෝ තවදුරටත් අපෙන් ලැබීම ඔබට අනවශ්‍ය ප්‍රකාශන හෝ සේවාවන් සම්බන්ධයෙන් පහත දැක්වෙන ලිපිනයට ලිපියක් එවීමෙන් ඔබට මෙම පාලන, අයිතීන් හා තේරීම් ක්‍රියාත්මක කිරීමටත් ඔබේ පෞද්ගලික දත්ත කරා ප්‍රවේශය ඉල්ලා සිටීමටත් හැකියාව තිබේ:

 

NCEASL
Attention: Privacy
Address:

 

5.3. අපගේ සේවාවන් භාවිතා කිරීම නැවැත්වූ පසුව දත්ත රඳවා ගැනීම.

අපගේ සේවාවන් භාවිතා කිරීම නවත්වන්නට ඔබ තෝරගත්ත ද, මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ දක්වා ඇති කාර්යයන් සඳහා සහ පහත සඳහන් කර ඇති කාර්යයන් සඳහා අප විසින් ඔබේ තොරතුරුවලින් ඇතැම් ඒවා හෝ තොරතුරු සියල්ලම රඳවාගැනීමට ඉඩ තිබේ.

 

(නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉල්ලීම් ඇතුළුව) අපගේ නෛතික බැඳීම් සඳහා අනුකූලතාවය දැක්වීමට, නියාමනමය අවශ්‍යතා සපුරාලීමට, ආරවුල් නිරකරණයට, රජයේ විමර්ශන සඳහා ප්‍රතිචාර දැක්වීමට, ආරක්ෂාව පවත්වාගෙන යාමට, වංචා සහ අවභාවිත වැලැක්වීමට, අපගේ සේවා නියමයන් හෝ වෙනත් නියමයන් හෝ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට, සහ අපේ හෝ අන්‍යයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යුක්තිසහගත ලෙස අවශ්‍යවන්නේ නම්, ඔබ අපගේ සේවාවන් පරිහරණය කිරීම නැවැත්වීමෙන් පසුව වුව ද අපි ඔබේ පෞද්ගලික තොරතුරු රඳවා ගන්නෙමු.

6.  ආරක්ෂාව සහ පිරිසැකසුම සඳහා නීත්‍යානුකූල පදනම

6.1.  ආරක්ෂාව

ඔබේ දත්ත නැතිවීමෙන්, අවභාවිතයට ලක්වීමෙන් හා අනවසරයෙන් එම දත්ත කරා ප්‍රවේශවීමෙන් සහ හෙළිදරවු කිරීමෙන් ආරක්ෂා කරන්නට සැලසුම් කළ තාක්ෂණික, භෞතික, හා ආයතනික ආරක්ෂාමය ආරක්ෂණයන් අප විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. වියහැකි අවදානම්පාත්‍රතා සහ ප්‍රහාර සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් අපගේ පද්ධතීන් කෙරෙහි අවධානයෙන් පසුවන්නෙමු. කෙසේනමුත්, ඉලෙක්ට්‍රොනික සන්නිවේදනවල සහ තොරතුරු පිරිසැකසුම් තාක්ෂණයන්හි ස්වභාවය අනුව, අප වෙත එවනු ලබන, අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කරන හෝ අපගේ පද්ධතීන්හි ගබඩා කර තබන කිසිදු තොරතුරක ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් අපට සහතිකවීමට හැකියාවක් නොමැත. අපගේ භෞතික තාක්ෂණික හෝ ආයතනික ආරක්ෂණ හේතුවෙන්  එම දත්ත අන්‍යයින් විසින් සිදුකරන උල්ලංඝනයක් හරහා ප්‍රවේශය, හෙළිදරවු කිරීම, වෙනස්කිරීම හෝ විනාශ කිරීම සිදු නොවෙතැයි සහතික කළ නොහැකිය. එවැනි ආරක්ෂක උල්ලංඝනයක් හේතුවෙන් පෞද්ගලික දත්ත හානියකට ලක් වුවහොත් ඒ බව අප නොපමාව අපගේ පරිශීලකයින් වෙත දැනුම්දෙන්නෙමු.

6.2.  පිරිසැකසීම සඳහා නීත්‍යානුකූල පදනම.

ඒ සඳහා වලංගු, නීත්‍යානුකූල පදනමක් ඇතිවිට අපි ඔබගේ පෞද්ගලික දත්ත එකතුකිරීම, පරිහරණය කිරීම, පිරිසැකසීම සහ ගබඩා කිරීම සිදුකරන්නෙමු. එවැනි නීත්‍යානුකූල පදනම් අතරට පහත දැක්වෙන ඒවා එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතුළත් වේ:

  • කැමැත්ත (ඔබ විසින් ඒ සඳහා කැමැත්ත දී තිබීම. ඕනෑම වේලාවක ඒ කැමැත්ත වෙනස්කිරීමට ඔබට හැකිය);

  • යම් ගිවිසුමක් ඉටුකිරීම (ඔබ විසින් ඉල්ලා සිටි සේවා ඔබට ලබාදීමට ඔබ සමගින් අප ඇතිකරගත් ගිවිසුමක් ඉටුකිරීමට, ඔබ කළ විමසුමකට ප්‍රතිචාර දැක්වීමට හෝ ඔබ සමගින් ගිවිසුමකට ඇතුළත්වීමට පෙර යම් යම් පියවර ගැනීමට අප විසින් එසේ පිරිසැකසීම අවශ්‍ය වන්නේ නම්);

  • නීතිමය බැඳීම් (නීති, රෙගුලාසි හා නියාමන අධිකාර, අධිකරණ නියෝග හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ලැබුණු ඉල්ලීම් සඳහා අනුකූලතාවය දැක්වීමට එසේ පිරිසැකසීම අවශ්‍ය වන්නේ නම්)

  • ජීවිත පැවැත්මට අදාළ කාරණා (ඔබේ හෝ වෙනත් පුද්ගලයකුගේ ජීවිතයේ පැවැත්ම සඳහා එම දත්ත පිරිසැකසීම අවශ්‍ය වන්නේ නම්)

  • යුක්තීය බැඳියාව (අපගේ සේවා හෝ පාරිභෝගික සබඳතා වැඩිදියුණු කිරීම, අලෙවිකරණය සහ ප්‍රචාරණය, ආරවුල් විසඳීම, වංචා සහ අපයෝජන වැළැක්වීම, අපගේ සේවාවන්හි සුරක්ෂිතබව සහ ආරක්ෂාව විශ්ලේෂණය කර වැඩිදියුණු කිරීම, අපගේ සේවා කොන්දේසි බලාත්මක කිරීම, නිර්නාමික කර පසුව තොරතුරු භාවිතා කිරීම)

7.  මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට සිදුකෙරෙන වෙනස්කම්

නව තාක්ෂණ, කර්මාන්තයේ පරිචයන්, නියාමනමය අවශ්‍යතා හෝ වෙනත් කාර්යයන් සඳහා පහසුකම් සැලසීමට අප විසින් කලින් කලට මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඉඩ තිබේ. එසේ වැදගත් වෙනස්කමක් සිදුවන්නේ නම් අපගේ සේවාවන් හරහා ඒ පිළිබඳව ඔබට දැනුම්දීමටත්, නීතියෙන් එසේ නියම කර ඇතිනම්, ඔබේ අවසරය ලබාගැනීමටත් අපි කටයුතු කරන්නෙමු. යම් කිසි වෙනස්කිරීමකට ඔබ විරුද්ධ වන්නේ නම්, අපගේ සේවා භාවිතය නැවැත්වීමට ඔබට හැකිය. අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් දැනුම්දීම අප විසින් ප්‍රකාශයට පත්කළ පසු හෝ ඔබ වෙත එවූ පසු අපගේ සේවාවන් අඛණ්ඩව පරිහරණය කරන බව ඔබ විසින් පිළිගැනීම මගින්, එම යාවත්කාලීන කළ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය යටතේ ඔබේ පෞද්ගලික දත්ත එකතු කිරීමට, පරිහරණය කිරීමට සහ බෙදාහදාගැනීමට ඔබ එකඟ වන බව පිළිගනු ලැබේ.

අදහස් සහ ප්‍රශ්න

මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හෝ අපගේ පෞද්ගලිකත්ව පරිච සම්බන්ධයෙන් ඔබට යම් අදහසක් හෝ ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර info@minormatters.org ලිපිනයට විද්‍යුත් ලිපියක් හෝ පහත ලිපිනයට අප වෙත ලිපියක් එවීමෙන් අප සමගින් සම්බන්ධවීමට ඔබට හැකිය:


Attention: Privacy
Address:

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ දත්ත ආරක්ෂාව සඳහා වන ගිවිසුම

bottom of page